ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන පස්වන අග්නිදිග ආසියානු අපනයන පාලන වාර්ෂික සමුළුවට අමාත්‍ය අනිල් ජයන්ත මහතා එක්ව සිටී. ඉන්දුනීසියානු රජය සහ ඇමරිකානු රජය එක්ව සංවිධානය කරන මෙම සමුළුව, කලාපීය උපායමාර්ගික වෙළඳ කළමනාකරණය පිළිබඳ සංවාදයක් ඇති කිරීම අරමුණු කරගනිමින් පැවැත්වේ.

මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයන්ගෙන් මතුවිය හැකි අභියෝග සහ තර්ජන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ. කලාපීය රටවල් අතර වෙළඳ සුරක්ෂිතතාව සහ පාලන ක්‍රමවේදයන් ශක්තිමත් කරගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

සමුළුවට සමගාමීව, අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඉන්දුනීසියානු වෙළඳ අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. එහිදී දෙරටටම වැදගත් වන වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳව දෙපාර්ශවයේම අවධානය යොමුවිය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version