ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ අසහාය ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ උපන්දිනය සහ ඇය විසින් මෙරට කලාවට ඉටුකළ අමිල මෙහෙවර අගයමින් ‘ජාතියේ යශෝරාවය – ආචාර්ය නන්දා මාලිනී සැමරුම් සංධ්වනය’ නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.

මෙම සැමරුම් උළෙල සැප්තැම්බර් 22 වන දින පෙරවරු 11.00 ට කොළඹ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වීමට නියමිතය.

මෙම විශේෂ කලා මණ්ඩපය සඳහා ප්‍රවීණ ගීත රචකයින් සහ කලාකරුවන් වන බණ්ඩාර ඇහැලියගොඩ, කුලරත්න ආරියවංශ සහ බන්දුල නානායක්කාරවසම් යන මහත්වරුන් සහභාගී වීමට නියමිතව ඇත.

ජාතික ගුවන් විදුලියේ සංගීත අංශයේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගය, වෙළඳ සේවය සහ City FM නාළිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version