මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට බලපා ඇති දරුණු වියළි කාලගුණය හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව ඇත. ප්‍රදේශයේ ගල්කොරියාගම ප්‍රදේශයේ වගා කර තිබූ අක්කර ගණනාවක ගම්මිරිස් වගාවන් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

වසර ගණනාවක් තිස්සේ අස්වැන්න නෙළමින් පැවති මෙම වගාවන් මෙලෙස විනාශ වීමෙන් ගොවීන්ගේ ජීවනෝපායට විශාල බලපෑමක් එල්ල වී තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ වසර ගණනාවකට පසු මෙවැනි දරුණු වියළි කාලගුණයක් තම ප්‍රදේශයට බලපා ඇති බවයි.

තමන් මුහුණ දී ඇති මෙම අවාසනාවන්ත තත්ත්වය සැලකිල්ලට ගෙන, විනාශ වූ වගාවන් වෙනුවෙන් සුදුසු වන්දි මුදලක් ලබා දීමට බලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බව ගොවි ජනතාව ඉල්ලා සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version