සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියේ දෙවන තරගය අද (17) පැවැත්වීමට නියමිතය.
මෙම තරගය කාඩිෆ් ක්රීඩාංගණයේදී ආරම්භ වන්නේ ශ්රී ලංකා වේලාවෙන් අද රාත්රී 11.00ටය.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව තරගාවලිය 1-0ක් ලෙස ඔවුන් මේ වන විට පෙරමුණේ පසුවේ.
පළමු තරගයේදී එංගලන්ත පිතිකරුවන් දැක්වූ දක්ෂතා හමුවේ ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 119ක පරාජයකට මුහුණ දීමට සිදුවිය. අද පැවැත්වෙන තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම සිය ජයග්රාහී මාවතට පිවිසීමේ අරමුණින් තරගයට එක්වනු ඇත.
