අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග වැඩසටහනක් සැප්තැම්බර් 18 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. සුබසාධක සංගමයට අලුතින් තේරී පත් වූ නිලධාරි මණ්ඩලයේ මංගල සමාජ සත්කාරක වැඩසටහන ලෙස මෙය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් මෙන්ම අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. ඔවුන් සිය කැමැත්තෙන් රුධිරය පරිත්‍යාග කරමින් මෙම සමාජ සත්කාරයට දායකත්වය ලබා දුන්හ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version