දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හදිසි ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව විසින් සූදානම් කර ඇති ආපදා සහන කණ්ඩායම් සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ නංවා ඇත. බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ වන විටත් දකුණු සහ බටහිර නාවික විධානයන් හරහා ආපදා සහන කණ්ඩායම් 14ක් ක්ෂේත්‍රයේ ස්ථානගත කර ඇත. ඒ අනුව දකුණු නාවික විධානය මගින් තවලම, හිනිදුම, මාපලගම සහ නාගොඩ යන ප්‍රදේශවල කණ්ඩායම් පහක් යොදවා තිබේ.

එමෙන්ම බටහිර නාවික විධානය මගින් නාවලපිටිය, යටියන්තොට, සීතාවක සහ රත්නපුර යන ප්‍රදේශවල ආපදා සහන කණ්ඩායම් 09ක් ස්ථානගත කර ඇත. ඕනෑම හදිසි තත්ත්වයකදී කඩිනමින් සහන සැලසීම සඳහා මෙම කණ්ඩායම් සූදානමින් පසුවන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version