කොකාවැව පොලිස් වසමෙන් වාර්තා වන මෙම අමුතු සිදුවීම මේ වන විට කාගේත් කතාබහට ලක්ව තිබේ. මීට මාස දෙකකට පමණ පෙර අතුරුදන් වූ පුද්ගලයෙකු මියගිය බවට විශ්වාස කරමින් පවුලේ ඥාතීන් විසින් ඔහුගේ අවසන් කටයුතු සිදුකර තිබුණි.

අතුරුදන් වූ පුද්ගලයා මීට පෙරද දින කිහිපයකට නිවසින් බැහැරව යාමේ පුරුද්දක් තිබූ බැවින් පවුලේ අය මුලදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර නොතිබුණි. කෙසේ වෙතත්, සතියකට වඩා වැඩි කාලයක් ගතවීමෙන් පසු බිරිඳ විසින් කොකාවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

පසුව හබරණ රක්ෂිතයක තිබී හමුවූ මළසිරුරක් පරීක්ෂා කළ ඥාතීන්, එහි තිබූ ඇඳුම් අතුරුදන් වූ පුද්ගලයාගේ ඇඳුම්වලට සමාන වීම හේතුවෙන් එය තම පවුලේ සාමාජිකයා බවට තහවුරු කරගෙන තිබුණි. ඒ අනුව අගෝස්තු 31 වන දින දේහය භූමදානය කර සැප්තැම්බර් මස මුලදී සාංඝික දානමය පින්කම්ද පවත්වා තිබේ.

කෙසේ වෙතත්, සියල්ල අවසන් වී තිබියදී අදාළ පුද්ගලයා බස් රථයකින් පැමිණ තම නැගණියගේ නිවසට ගොඩවී ඇත. ඔහු පණපිටින් පැමිණි බව දැනගත් වහාම ඥාතීන් විසින් කොකාවැව පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version