2027 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම් ඇස්තමේන්තුගත කරමින් සකස් කළ විසර්ජන පනත් කෙටුම්පත නිල වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මීට පෙර අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

නව පනත් කෙටුම්පතට අනුව 2027 වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4,992.773ක් ලෙස දක්වා තිබේ.

මෙම පනත් කෙටුම්පතේ පළමුවන වර කියවීම ලබන ඔක්තෝබර් මස 7 වන දින සිදු කිරීමට නියමිතය. අයවැය කථාව හෙවත් දෙවන වර කියවීම නොවැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වන දින සිට 20 වන දින දක්වා පැවැත්වෙන අතර, කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වන දින ආරම්භ වී දෙසැම්බර් 14 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version