ඇපලෝ රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වී. නවීන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (21) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
එහිදී මෙරට තුළ නව රෝහල් පිහිටුවීමට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන කටයුතු සිදු කිරීමට ඇපලෝ රෝහල් සමූහය සිය කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.
දෙපාර්ශවය අතර පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා සහයෝගීතාව ලබා දිය හැකි ක්ෂේත්‍ර පිළිබඳවද වැඩිදුරටත් අවධානය යොමු කර ඇත.
