හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා පොස්පේට් සමාගම හරහා පොස්පේට් අපනයනය කිරීමේදී අනුගමනය කළ යුතු විධිමත් පටිපාටිය උල්ලංඝනය කරමින්, තෝරාගත් සමාගම් කිහිපයකට පමණක් වාසි සැලසීම සඳහා රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියකට අදාළවය.

සැකකරු අත්අඩංගුවට ගැනීම ඊයේ (21) පස්වරුවේ සිදු කෙරිණි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය පියවර ගැනීම සඳහා සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version