එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි මහතා ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ළඟා වී ඇත.

ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අමාත්‍යවරයා ඇතුළු පිරිස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිතවරයා සහ භාරකාර නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.

නිව්යෝර්ක් බලා පැමිණීමට පෙර දෝහා අගනුවරදී කටාර් රාජ්‍යයේ උසස් නිලධාරීන් හමුවූ ඉරාන විදේශ අමාත්‍යවරයා, කලාපීය තත්ත්වයන් පිළිබඳව ද සාකච්ඡා පවත්වා තිබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් මහතා ද අද (22) නිව්යෝර්ක් නුවර වෙත පැමිණීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුර ඉරාන ජනාධිපතිවරයා ලෝක නායකයින් සහ විදේශීය උසස් නිලධාරීන් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version