ඉන්දියාවේ නව දිල්ලි අගනුවරදී විරෝධතාවයක නිරත වූ පිරිසක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් ‘කොක්රොච් ජනතා පක්ෂය’ නියෝජනය කරන පිරිසක් බව වාර්තා වේ.

ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම පිරිස පසුගිය දින කිහිපයක සිට අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටියහ.

මෙම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය ලබාදුන් කොක්රොච් ජනතා පක්ෂයේ නිර්මාතෘ අභිජීත් දිප්කේ (Abhijeet Dipke) මහතා ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ විරෝධතාවය හේතුවෙන් ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබූ අතර, නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා පොලිසිය මැදිහත් වී මෙම පියවර ගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version