ලොව ඉහළම ජනප්‍රියත්වයක් හිමි ඉලෙක්ට්‍රොනික සංගීත ශිල්පියකු වන DJ Snake, මෙරට පැවැත්වෙන සෙන්ටර් (Center) සංගීත උළෙලේ ප්‍රධාන ආකර්ෂණය ලෙස සිය සජීවී ප්‍රසංගය ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

සංගීතය, සංස්කෘතිය සහ විනෝදාස්වාදය මුසු කරමින් පැවැත්වෙන මෙම උළෙලේ පළමු දිනය අති සාර්ථකව නිමාවට පත් වූ අතර, ඒ සඳහා දේශීය මෙන්ම කලාපීය රටවල් කිහිපයකින් පැමිණි සංගීත ශිල්පීන් රැසක් එක්ව සිටියහ.

උළෙලේ දෙවැනි දිනය අද (31) පැවැත්වෙන අතර, එහිදී DJ Snake ගේ ප්‍රසංගය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංගීත ලෝලීන් විශාල පිරිසක් එක්වනු ඇතැයි සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි.

මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සංගීත උළෙලක් හරහා ශ්‍රී ලංකාව ලෝක සංගීත සිතියමේ ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, දේශීය කලාකරුවන්ට ජාත්‍යන්තර වේදිකාවක් ලබා දීමටත් අවස්ථාව සැලසී තිබේ.

ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත (EDM) ලෝලීන්ට අමතක නොවන රාත්‍රියක් ලබා දීම අරමුණු කරගත් මෙම ප්‍රසංගය සෙන්ටර් උළෙලේ උච්චතම අවස්ථාව වනු ඇතැයි සංවිධායකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version