දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් දැනට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙළ මහතා හමුවේ කැඳවනු ලැබීය.

අදාල නඩු විභාගය සඳහා විත්තිකාර හිටපු අමාත්‍යවරයාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ නඩුවේ විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂි විමසීම සිදුවිය. අනතුරුව විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කෙරිණි.

සාක්ෂි විභාගය අවසානයේ නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 13 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version