සිනොපෙක් සහ ලංකා අයි.ඕ.සී. (IOC) ඉන්ධන පිරවුම්හල් ජාලය ඔස්සේ අලෙවි කරන ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
මෙම මිල ඉහළ දැමීම ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මීට පෙර රුපියල් 495ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මිල සංශෝධනය සිනොපෙක් සහ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් සඳහා පමණක් අදාළ වන බව දන්වා ඇත.
AI illustration; not a photograph of the reported event.
