ශ්‍රී ලංකා පොලිසියේ දෛනික රාජකාරී කටයුතු සහ මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස පවත්වාගෙන යාමේ අරමුණින් අලුතින් සිංගල් කැබ් රථ 200ක් මිලදී ගැනීමට පියවර ගෙන තිබේ. පොලිසියට වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම කැබ් රථ මිලදී ගැනීමේ කටයුතු ඩිමෝ (DIMO) ආයතනය හරහා සිදු කිරීමට නියමිත අතර, මේ සඳහා රුපියල් මිලියන 130ක පමණ මුදලක් වැය වන බව සඳහන් වේ. බදු සහිතව එක් කැබ් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 56ක් පමණ වන බව වාර්තා වේ.

මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සහ ඩිමෝ ආයතනයේ කළමනාකාරීත්වය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම මූලික එකඟතාවයට පැමිණ ඇත.

ඉදිරි දින කිහිපය තුළ මෙම රථ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නියමිත අතර, දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල පවතින අවශ්‍යතා සහ ප්‍රමුඛතා මත පදනම්ව මෙම වාහන බෙදා හැරීමට කටයුතු යොදා තිබේ.

නව කැබ් රථ ලැබීමත් සමඟ ක්ෂණික රාජකාරී මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටත්, මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සහ තොරතුරු මත අපරාධ විසඳීමේ කටයුතු වේගවත් කිරීමටත් පොලිසියට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

AI illustration; not a photograph of the reported event.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version