පොළොන්නරුව රෝහලට අනුයුක්තව සේවය කළ වයස අවුරුදු 50ක පමණ සත්ත්ව හා ශල්‍ය වෛද්‍යවරයකු මින්නේරියා ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ ඊයේ (06) මෙම අනතුර හටගෙන තිබේ. මින්නේරියා සිට හබරණ දෙසට ගමන් කරමින් තිබූ වෛද්‍යවරයාගේ මෝටර් රථය, ප්‍රතිවර්ත දිශාවෙන් පැමිණි ටිපර් රථයක් සමඟ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරයා සහ ටිපර් රථයේ රියැදුරා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, එහිදී වෛද්‍යවරයා මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරියා පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.
