උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඇතුළු විභාග සඳහා පෙනී සිටි සිසුන් වෙත සහතික පත්‍ර නිකුත් කිරීමේ මාර්ගගත (online) සේවාව දින දෙකක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා තිබේ. විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වේ.

ඒ අනුව 2026 නොවැම්බර් මස 7 සහ 8 යන අද සහ හෙට දිනවලදී මෙම සේවාව ක්‍රියාත්මක නොවන බව සඳහන් වේ. විභාග සහතික පත්‍ර නිකුත් කිරීම සඳහා භාවිත කරන තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මෙම කාල සීමාව තුළ නිල වෙබ් ද්වාරය හරහා සහතික පත්‍ර සඳහා මාර්ගගතව අයදුම් කිරීමට අයදුම්කරුවන්ට නොහැකි වන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි. සේවා යාවත්කාලීන කිරීම් හේතුවෙන් සිදුවන මෙම තාවකාලික බාධාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version