ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම ජාතික ප්‍රදර්ශනය වන ‘ඉන්ෆොටෙල්’ (Infotel) ප්‍රදර්ශනය ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.
මෙවර ප්‍රදර්ශනය “ඩිජිටල් ආර්ථිකය බලගැන්වීම” යන තේමාව යටතේ පැවැත්වෙන අතර, 1992 වසරේ පළමු ප්‍රදර්ශනය පැවති සමයේ අන්තර්ජාල පහසුකම් නොතිබූ බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අද වන විට ජනතාව ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ තම සේවාවන් ලබාගන්නා මට්ටමට පත්ව ඇති බව සඳහන් කළේය.
රාජ්‍ය සේවා ලබාගැනීමේදී ජනතාවට පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීම පද්ධතියක අසාර්ථකත්වයක් ලෙස පෙන්වා දුන් ඒ මහතා, රාජ්‍ය සේවාවන් ජනතාවගේ නිවෙස් වෙතම ළඟා කරදීම රජයේ ප්‍රධාන අරමුණක් බව අවධාරଣ කළේය.
ඒ වෙනුවෙන් ‘GovPay’ ඩිජිටල් ගෙවීම් වේදිකාව ඔස්සේ ආයතන 300කට අධික සංඛ්‍යාවක් ඩිජිටල්කරණය කර ඇති අතර, රුපියල් බිලියන 7කට අධික ගනුදෙනු සිදුකර ඇති බව ඔහු පැවසීය. එමෙන්ම රථවාහන දඩ මුදල් ඩිජිටල් ක්‍රමයට ගෙවීමේ පහසුකම් ද මේ වන විට සලසා දී තිබේ.
ඉන්දීය රජයේ සහයෝගයෙන් ජාතික ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත්, මෙම වසර අවසන් වන විට පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
