ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා, ආසියානු දේශපාලන පක්‍ෂවල ජාත්‍යන්තර සමුළුවේ (ICAPP) මාධ්‍ය සංසදයේ සම සභාපතිවරයා ලෙස තේරී පත්ව ඇත.

මෙම නව ධුරයේ වගකීම් ඉදිරි වසර දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක වන අතර, අමාත්‍යවරයා සමඟ ආචාර්ය සියෝ ජි-යන්ග් මියද මෙම සම සභාපතිත්වයට පත්ව තිබේ.

දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙන ICAPP 13 වන සැසිවාරය සඳහා රටවල් 36ක දේශපාලන පක්ෂ 83ක නියෝජිතයන් පිරිසක් සහභාගී වී සිටිති. නොවැම්බර් 04 වන දින ආරම්භ වූ මෙම සමුළුව අද දින දක්වා ක්‍රියාත්මක වේ.

අමාත්‍ය බිමල් රත්නායක මහතා මීට පෙරද ICAPP සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර මට්ටමින් තම දායකත්වය ලබා දී ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version