අනුරාධපුර රුවන්වැලිසෑය පරිශ්‍රය අසල අද දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියකට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් එහි සත්‍යග්‍රහයක නිරත වී තිබුණි.
එම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් සහ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.
මෙම සිද්ධියත් සමඟ ප්‍රදේශයේ ඇති වූ කලබලකාරී වාතාවරණය පාලනය කිරීමට පොලිසිය පියවර ගත් අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
