පවතින සමාජ හා ආර්ථික අස්ථාවරත්වය හමුවේ, හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා පැය 72කට ප්‍රමාණවත් වන පරිදි හදිසි කට්ටලයක් සූදානම් කර තබා ගන්නා ලෙස බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සිය පුරවැසියන් වෙත දැනුම් දී ඇත. මෙම කට්ටලයට ආහාර, ජලය, ඖෂධ, සන්නිවේදන මෙවලම් සහ අත්‍යවශ්‍ය ලේඛන ඇතුළත් විය යුතු බව බලධාරීන් පෙන්වා දෙයි.

මෙම උපදෙස් මාලාව නිශ්චිත තර්ජනයක් ඉලක්ක කරගෙන නිකුත් කළ එකක් නොවන බව පැවසුවද, එය යුරෝපය පුරා වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වයන්ගේ බරපතළකම පෙන්නුම් කරන බව විචාරකයෝ පවසති. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක මේ වන විට විරෝධතා සහ සමාජ අරගල උත්සන්න වී තිබේ.

පවතින විරෝධතා රැල්ලේ පෙරමුණේ සිටින්නේ තරුණ පරපුරයි. අධ්‍යාපන දුෂ්කරතා, ජීවන වියදම ඉහළ යාම සහ සමාජ අසමානතාව වැනි කරුණු මුල් කරගනිමින් ඔවුන් වීදි බැස සිටී. අත්අඩංගුවට පත් වන්නන් අතර බාලවයස්කරුවන් විශාල පිරිසක් සිටීම ද විශේෂත්වයකි.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම අර්බුදකාරී තත්ත්වය හුදෙක් ආර්ථික ගැටලුවක් පමණක් නොව, යටත්විජිත ඉතිහාසය සහ වර්තමාන සංක්‍රමණික ප්‍රතිපත්ති අතර පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් බවයි. යුරෝපීය සමාජය මුහුණ දී සිටින මෙම අස්ථාවරත්වය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීම් නිකුත් වෙමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version