දීපවාලි උත්සව සමය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කළ ප්‍රවාහන සේවාවන් ඔස්සේ, හැටන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝව විසින් සිය ඉතිහාසයේ වැඩිම දෛනික ආදායම වාර්තා කිරීමට සමත්ව ඇත.

පසුගිය 07 වන දින සිට 08 වන දින අලුයම දක්වා කාලය තුළ පමණක් රුපියල් ලක්ෂ 47.65ක ආදායමක් උපයා ගැනීමට එම ඩිපෝව සමත්ව ඇති බව හැටන් ලංගම ඩිපෝ කළමනාකරු පාලිත වීරසූරිය මහතා පවසයි.

මෙම කාලසීමාව තුළ කෙටි දුර සහ දිගු දුර සේවාවන් සඳහා බස් රථ 82ක් යොදවා තිබූ බව කළමනාකරු වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව, පසුගිය 05 වන දින හැටන් සිට යාපනය දක්වා ධාවනය වූ බස් රථයක් එක් ගමන් වාරයකින් පමණක් රුපියල් ලක්ෂ දෙකක ආදායමක් උපයා ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි.

AI illustration; not a photograph of the reported event.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version