අඳුර පරදා ආලෝකයත්, අයහපත පරදා යහපතත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කරන දීපවාලි උත්සවය ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් පිරි උත්සවයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
නිවෙස්වල පහන් දැල්වීම මෙන්ම, මිනිස් සිත් තුළ පවතින වෛරය, ඊර්ෂ්‍යාව සහ නොදැනුවත්කම නමැති අඳුර දුරු කර ප්‍රඥාව සහ කරුණාව නමැති පහන් දැල්වීමට මෙම උත්සවය කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍යවරිය සිය පණිවිඩයේ සඳහන් කරයි.
ශ්‍රී ලංකාව වැනි බහු වාර්ගික සහ බහු ආගමික රටක, ප්‍රජාවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහජීවනය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දීපවාලි උත්සවය වැදගත් අවස්ථාවක් බව ඇය පෙන්වා දෙයි.
සියලු වාර්ගික හා ආගමික භේදයන්ගෙන් ඔබ්බට ගොස්, සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් එකම ජාතියක් ලෙස ඉදිරියට යාමට මෙම උත්සව සමයේදී අධිෂ්ඨාන කර ගත යුතු බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන සියලුම හින්දු බැතිමතුන්ට සතුට, සාමය, නිරෝගීභාවය සහ සෞභාග්‍යය පිරි දීපවාලි උත්සවයක් වේවායි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය සුබ පැතුම් එක් කරයි.
