අඹන්පොල, සේරුගොඩ ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂලාගේ නිලූකා රාජපක්ෂ නැමැති කාන්තාව විදේශ රැකියාවක් සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගොස් වසර 14ක් ගතවී ඇතත්, ඇය පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බව ඇයගේ පවුලේ ඥාතීහු පවසති.

ලැබී ඇති වාර්තා අනුව ඇය 2012 අප්‍රේල් 10 වැනිදා විදේශගත වී ඇති අතර, එතැන් සිට මේ දක්වා ඇයගේ කිසිදු සබඳතාවක් හෝ තොරතුරක් නොමැති වීම පවුලේ සාමාජිකයන් දැඩි කම්පනයට පත් කර තිබේ.

මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවස්ථා කිහිපයකදී පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව 2022 වසරේදී අදාළ පැමිණිල්ල ලියාපදිංචි කර ඇති අතර, 2023 සහ 2024 වසරවලදී ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලිපි නිකුත් කරමින් විමර්ශන සිදුකර ඇත.

එමෙන්ම, 2025 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලය ද මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණ ද, නිලූකා රාජපක්ෂට සිදුවූයේ කුමක්ද යන්න තවමත් අභිරහසක්ව පවතී. වසර 14ක් පුරා සිය ඥාතියා පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින පවුලේ සාමාජිකයන්, ඇය සොයා ගැනීම සඳහා බලධාරීන්ගේ කඩිනම් සහාය ඉල්ලා සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version