බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය විසින් සංවිධානය කරන ලද “ආයු ප්‍රසාදනී 2026” ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය අද (09) දිනෙන් අවසන් වේ.
පසුගිය 07 වනදා මීගොඩ පළාත් ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය, දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් සහ පාරම්පරික ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනය තුළ අධ්‍යාපනික සහ වෙළෙඳ කුටි 60කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කර ඇති අතර, ඒ හරහා ඖෂධීය ශාක, දේශීය ඖෂධ නිෂ්පාදන සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්නා ආකාරය පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව උදාවී ඇත.
දේශීය වෛද්‍ය උරුමය සහ වර්තමාන පර්යේෂණාත්මක ප්රවේශයන් අනාගත පරපුර වෙත දායාද කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. දේශීය වෛද්‍ය දැනුමේ විශිෂ්ටත්වය සහ ආයුර්වේදයේ ශාස්ත්‍රීය පදනම පිළිබඳව ප්‍රායෝගිකව අවබෝධ කර ගැනීමට මෙම ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් වී තිබේ.
