නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලාංකීය ආහාර සහ සංස්කෘතික උළෙලක් ප්‍රථම වතාවට සංවිධානය කර තිබුණි.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලාංකිකයන් මෙන්ම විවිධ රටවලට අයත් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, සමස්ත සහභාගිවන්නන් සංඛ්‍යාව 2500 ඉක්මවා ගිය බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන සාම්ප්‍රදායික ආහාර වර්ග, දේශීය සංගීතය සහ විවිධ සංස්කෘතික අංගයන් මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

මෙම උළෙල හරහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය මව්බිමේ රසය සහ සංස්කෘතික අත්දැකීම් නැවත සිහිපත් කර ගැනීමට අවස්ථාව උදාවූ අතර, විදේශිකයන්ට ද ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට හැකි විය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version