රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආහාර අංශය හැර අනෙකුත් සියලුම අංශයන්හි විමර්ශන කටයුතු නිම නොකළ නඩු භාණ්ඩ 43,656ක් ගොඩ ගැසී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වේ. මෙයින් නඩු භාණ්ඩ 29,286ක්ම මත්ද්‍රව්‍ය සහ මනෝ වර්තක අංශයට අයත් ඒවා බව වාර්තාව පෙන්වා දෙයි.
රස පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එය බන්ධනාගාරවල දැඩි තදබදයකට තුඩු දී තිබේ. එක් රිමාන්ඩ් සැකකරුවකු නඩත්තු කිරීම සඳහා දිනකට රුපියල් 1,411ක මුදලක් වැය වන බවත්, මෙය රජයට දරාගත නොහැකි අමතර මූල්‍ය බරක් බවත් විගණන වාර්තාවේ සඳහන් වේ.
පසුගිය වසරේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබුණු නඩු භාණ්ඩ 70,846න් වාර්තා ලබා දීමට හැකි වී ඇත්තේ 32,769ක් සඳහා පමණි. එය මුළු ප්‍රමාණයෙන් සියයට 46ක ප්රතිශතයකි. දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 40 දෙනෙකුගේ සහ තෘතීක මට්ටමේ නිලධාරීන් 9 දෙනෙකුගේ පුරප්පාඩු පැවතීම මෙම කාර්යයන් ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.
විද්‍යාත්මක වාර්තා මාස තුනක කාලයක් ඇතුළත ලබා දීමට නොහැකි වීම පොලිස් සහ බන්ධනාගාර කටයුතුවලට බාධාවක් වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙපාර්තමේන්තු නිලධාරියෙකු සඳහන් කළේ, පවතින තදබදය මේ වන විට යම් මට්ටමකින් අඩු වී ඇති බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර