ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය සහ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් ස්ථාපනය කළ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) අද (18) පෙරවරුවේ අනුරාධපුරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ද එක්වීමට නියමිතව ඇත. මෙය මෙරට බලශක්ති ක්ෂේත්රයේ නවීකරණය සඳහා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ.
එමෙන්ම, රජයේ ජාතික පුනර්ජනනීය බලශක්ති වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද ‘දියජනනි’ පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘති මගින් පරිසර හිතකාමී බලශක්ති උත්පාදනයට මෙන්ම විදුලිබල පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ද අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර