දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය එක්ව ජනතාවාදී පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම තුළින් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල කඩිනමින් ජනතාවට ලබා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ රත්මලාන කඳවල මාර්ගය සහ කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
පසුගිය සැප්තැම්බර් 10 වන දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2027 ජූනි 30 වන දිනට ප්‍රථම අවසන් කිරීමට සැලසුම් කර ඇත. පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා පාලමක්, කාණු පද්ධතියක් සහ මාර්ග ප්‍රතිසංස්කරණය ඇතුළු කටයුතු සඳහා රුපියල් මිලියන 1100කට අධික මුදලක් වැය කිරීමට නියමිතය.
ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, අදාළ රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීම අගය කළාය. දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් අතර පවතින මෙම සහයෝගීතාව ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ඉවහල් වන බව ඇය පෙන්වා දුන්නාය.
එමෙන්ම, ඉදිරි වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවිය හැකි ජලගැලීම් අවම කර ගැනීම සඳහා කල්තියා පියවර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල වගකීම් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී කරුණු විමසා සිටියාය.
මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණාරච්චි, සමන්මලී ගුණසිංහ, දෙහිවල-ගල්කිස්ස නගරාධිපති පැරකුම් ශාන්ත ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර