හැටන් නැෂනල් බැංකුව (HNB) සිය ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සඳහා නව පහසුකමක් හඳුන්වා දෙමින්, LankaPay මාර්ගගත ගෙවීම් පද්ධතිය හරහා රාජ්‍ය ආයතන වෙත සිදු කළ යුතු ගෙවීම් සිය HNB TxB ඩිජිටල් වේදිකාව ඔස්සේ සිදු කිරීමට අවස්ථාව සලසා දී ඇත.
මෙම සේවාව හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සිට මහා පරිමාණ සමාගම් දක්වා ඕනෑම ව්‍යාපාරිකයෙකුට රජයේ සහ නියාමන ආයතන 306කට අධික සංඛ්‍යාවක් වෙත ඉතා පහසුවෙන් මුදල් ගෙවීමට හැකියාව ලැබේ. ශ්‍රී ලංකා රේගුව, ආයෝජන මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, වරාය අධිකාරිය සහ සේවක අර්ථසාධක අරමුදල වැනි ප්‍රධාන ආයතන රැසක් ඒ අතර වේ.
මෙම නව පියවර පිළිබඳව අදහස් දක්වමින් HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා සඳහන් කළේ, මෙම ඒකාබද්ධ පද්ධතිය හරහා සාම්ප්‍රදායික ලිපි ලේඛන කටයුතු මඟහැරී ව්‍යාපාරිකයන්ට තම ගිණුම් කටයුතු වඩාත් වේගවත්ව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකි වන බවයි.
LankaPay ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, බැංකු ක්ෂේත්රයේ මෙවැනි ඩිජිටල්කරණයන් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය පූර්ණ ඩිජිටල්කරණය කරා ගෙන යාමට මහත් පිටුවහලක් වන බවයි. මෙම සේවාව පසුගිය සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර