කොළඹ විශ්වවිද්යාලයේ පැවති ජාත්යන්තර සමුළුවකට එක්වෙමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව අවධාරණය කළාය. ‘කෘත්රිම බුද්ධිය, තිරසාරභාවය සහ නවෝත්පාදනය තුළින් ඇතුළත් වූ අනාගතයක් කරා’ යන තේමාව යටතේ මෙම සමුළුව සංවිධානය කර තිබුණි.
රටේ අනාගතය හැඩගැස්වීමෙහිලා විශ්වවිද්යාල සහ පර්යේෂණ ආයතන සතු කාර්යභාරය අග්රාමාත්යවරිය මෙහිදී සිහිපත් කළාය. දැනුම උත්පාදනය කිරීම සහ ජාතික අභියෝග සඳහා විසඳුම් සෙවීම උසස් අධ්යාපන ආයතනවල ප්රධාන වගකීමක් බව ඇය පෙන්වා දුන්නාය.
කෘත්රිම බුද්ධිය (AI) මගින් අධ්යාපනය, පර්යේෂණ සහ රාජ්ය සේවාවන් දියුණු කිරීමට විශාල අවස්ථාවන් ලැබෙන බව අග්රාමාත්යවරිය සඳහන් කළාය. කෙසේ වෙතත්, වැරදි තොරතුරු, දත්ත පෞද්ගලිකත්වය සහ අසමාන ප්රවේශයන් වැනි අවදානම් පිළිබඳව ද ඇය අවධානය යොමු කළාය.
නව තාක්ෂණය භාවිතයේදී මානව විනිශ්චය, වගවීම සහ මහජන යහපත සැමවිටම කේන්ද්රගත විය යුතු බව අග්රාමාත්යවරිය අවධාරණය කළාය. තාක්ෂණික දියුණුවේ ප්රතිලාභ සියලු ජන කොටස් වෙත සාධාරණව බෙදී යාම සහතික කිරීමේ වැදගත්කම ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා ඇතුළු විශ්වවිද්යාල ප්රජාව, රාජ්ය නිලධාරීන් සහ විදේශීය තානාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර