පෝලන්තයේ ඉහළම අධිකරණයේ ප්රධාන විනිසුරුවරයා වන බොග්ඩන් ස්වීක්ස්කොව්ස්කිගේ වැඩ තහනම් කිරීමත් සමඟ එරට තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙම තීරණයට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් අධිකරණ පරිශ්රය අසලට එක්රැස් වීම හේතුවෙන් පොලිසිය යොදවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය දිනක අධිකරණයෙන් පිටත ඇති වූ උණුසුම් තත්ත්වයන් අතරතුර විරෝධතාකරුවන් ව්යවස්ථාමය විනිශ්චය සභාවට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, පොලිසිය වෙත විවිධ වස්තූන් විසි කිරීමේ සිදුවීම් වාර්තා විය. මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලධාරීන් පවසයි.
ස්වීක්ස්කොව්ස්කිගේ මෙම අත්හිටුවීම, එරට අධිකරණ පද්ධතියේ පවතින දිගුකාලීන දේශපාලන ආරවුලක ප්රතිඵලයක් බව විදෙස් මාධ්ය වාර්තා කරයි. පසුගිය මාස හයක කාලය තුළ, වත්මන් පාර්ලිමේන්තු බහුතරයෙන් තේරී පත් වූ විනිසුරුවරුන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් සඳහන් කර ඇත්තේ, නීතියේ ආධිපත්යය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙවැනි තීරණාත්මක ක්රියාමාර්ග ගැනීම අනිවාර්ය බවයි. හිටපු රජය සමයේ අධිකරණය දේශපාලනීකරණය වූ බවට විචාරකයින් දිගින් දිගටම චෝදනා කරමින් සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර