වට්ස්ඇප් (WhatsApp) ජංගම දුරකථන යෙදුම හරහා වංචනික ලෙස මුදල් ලබාගත් කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය විසින් විවිධ පුද්ගලයින්ට වට්ස්ඇප් පණිවිඩ යොමු කරමින් තෑගි භාණ්ඩ ලබා දෙන බව පවසා මෙම වංචාව සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම පණිවිඩ මගින් තෑගි ලබා ගැනීමට නම් තමන් පවසන බැංකු ගිණුම්වලට මුදල් බැර කරන ලෙස ඇය අදාළ පුද්ගලයින්ව පොළඹවාගෙන ඇත. ඒ අනුව ඇය විසින් රුපියල් ලක්ෂ 14කට අධික මුදලක් වංචා කර ඇති බව පොලිසිය පවසයි.
ලැබුණු පැමිණිලි කිහිපයක් පදනම් කරගෙන සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර