කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කායන්ගොල්ලෑව වැව අසල පිහිටි කැලෑබඳ ප්‍රදේශයක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් හමුවී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
අදාළ වනඅලියා මියගිය පසු කිසියම් පිරිසක් විසින් එහි වම් දළය කපාගෙන ගොස් ඇති බවට වනජීවි නිලධාරීන් සැක පළ කරති. දළය ඉවත් කිරීම සඳහා ආයුධයක් භාවිත කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කහටගස්දිගිලිය පොලිසිය, යුධ හමුදා බුද්ධි අංශය සහ වනජීවි නිලධාරීන් එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතය. පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය ඒකකය මගින් ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර