ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය මේ වන විට බරපතළ ජාතික ගැටලුවක් දක්වා වර්ධනය වී ඇති බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පාසල් පද්ධතිය දක්වාම මෙම උවදුර ව්‍යාප්ත වී ඇති බවයි.
ලබාගත හැකි නිල නොවන වාර්තාවලට අනුව, මෙරට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වේ. දිනකට අලුතින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම රටේ අනාගතය සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතු කරන බව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකුට දිනකට රුපියල් 6,000ක පමණ මුදලක් වැය කිරීමට සිදුවීම ඔවුන්ගේ පවුල්වලට දැඩි මූල්‍ය පීඩනයක් ඇති කරයි. මෙම මුදල් සොයා ගැනීම සඳහා ඇතැමුන් සොරකම් සහ විවිධ අපරාධවලට යොමුවීමේ ප්‍රවණතාවක් පවතින බව ද ඔහු අනතුරු අඟවයි.
මෙම ගැටලුව හුදෙක් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පමණක් විසඳිය නොහැකි බව අජිත් රෝහණ මහතා අවධාරණය කරයි. ඒ සඳහා ප්‍රජා සහභාගීත්වය, මානසික සෞඛ්‍ය උපදේශකවරුන් සහ වෘත්තිකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර