දරුවන් අන්තර්ජාලය තුළ ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ගේ ඩිජිටල් යහපැවැත්ම තහවුරු කිරීම අරමුණු කරගත් අන්තර්-අමාත්‍යාංශ ජාතික රාමුවක් සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. ඩිජිටල් තාක්ෂණයේ වේගවත් වර්ධනයත් සමඟ දරුවන් මුහුණපාන අන්තර්ජාල අභියෝගවලට සාර්ථකව මුහුණ දීම මෙහි ප්‍රධාන අරමුණයි.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් මූලික හැඳින්වීම සිදු කරන ලදී. මෙහිදී හුදකලා මැදිහත්වීම්වලින් ඔබ්බට ගොස් රාජ්‍ය ආයතන, විශේෂඥයන් සහ ජාත්‍යන්තර සංවිධාන එකතු කරගනිමින් ක්‍රියාත්මක වන ජාතික වැඩසටහනක අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
බලය ගැන්වීම, සැලසුම් මඟින් ආරක්ෂාව හා වගකීම සහ ආරක්ෂාව, ප්‍රතිචාර දැක්වීම හා පාලනය යන ප්‍රධාන කුළුණු තුනක් මත ඉදිරි ක්‍රියාමාර්ග සංවිධානය කිරීමට සැලසුම් කර ඇත. අන්තර්ජාල අපයෝජන සහ සයිබර් හිරිහැරවලින් දරුවන් මුදා ගනිමින් ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අපේක්ෂාවයි.
මෙම සාකච්ඡාව මඟින් සකස් කෙරෙන රාමුව ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල වටමේස සාකච්ඡාවකට ඉදිරිපත් කිරීමට නියමිතය. එය 2027 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂණය සහ යහපැවැත්ම පිළිබඳ කලාපීය සමුළුව සඳහා පදනම සකසනු ඇත.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයෝ ද සහභාගී වූහ. මෙරට පාසල් වෙත අන්තර්ජාල පහසුකම් ලබා දීමට රජය පියවර ගනිමින් සිටින පසුබිමක් තුළ, දරුවන්ට ආරක්ෂිත තාක්ෂණික පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර