ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ මැඬ පැවැත්වීමේ පනත රජය විසින් යළි ඉදිරිපත් කිරීමට උත්සාහ කළහොත් එය පරාජය කරන බව ජන අරගල සන්ධානය පවසයි. එම සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවකට එක්වෙමිනි.
මෙම විරෝධතාව සඳහා ජන අරගල සන්ධානයේ නියෝජිතයන් මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ද එක්ව සිටියහ. විරෝධතාකරුවන් පා ගමනින් පාර්ලිමේන්තු පිවිසුම දක්වා ගොස් නැවත පොල්දූව මංසන්ධියට පැමිණ දියත උයන අසල රැලියක් පැවැත්වීය.
අදහස් දැක්වූ වසන්ත මුදලිගේ මහතා කියා සිටියේ, මෙම පනත් මගින් ජනතාවගේ අයිතිවාසිකම් සීමා කරමින් විරෝධතා දක්වන පිරිස් වෙත ත්‍රස්තවාදී ලේබලය අලවා සිරගත කිරීමට රජය උත්සාහ කරන බවයි. මීට පෙර බලයට පත් වූ පාලකයන් ද මෙවැනි මර්දනකාරී නීති ගෙන ඒමට උත්සාහ කළ බවත්, අවසානයේ එම නීති ඔවුන්ටම පාරාවළල්ලක් වූ බවත් දුමින්ද නාගමුව මහතා මෙහිදී සිහිපත් කළේය.
මෙම විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසල දැඩි වාහන තදබදයක් ද ඇති විය. ආයෝජන මණ්ඩලය සහ ඇඟලුම් කර්මාන්ත හිමිකරුවන් ද මෙම පනත්වලට විරුද්ධත්වය පළ කර ඇති බවත්, ජනතාව සමඟ එක්ව මෙම මර්දනකාරී පනත් පරාජය කරන බවත් විරෝධතාකරුවෝ අවධාරණය කළහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර