ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම යාත්‍රාව අද (05) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා විසින් එහි නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබීය.
අදාළ යාත්‍රාවේ තිබූ උර 10ක සූක්ෂම ලෙස අසුරා තිබියදී හෙරොයින් කිලෝග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද බුද්ධි තොරතුරක් මත ඊයේ (04) දින නාවික හමුදාව විසින් මෙම මෙහෙයුම දියත් කර තිබුණි. මෙරට ලියාපදිංචි යාත්‍රාවක් මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ අංශ වෙත භාර දී තිබේ.
AI illustration; not a photograph of the reported event.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර