විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.
මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි.
විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරන පරිදි, දෙපාර්ශවය අතර ඉතා ඵලදායී අදහස් හුවමාරුවක් සිදුවූ අතර එහිදී රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ.
එමෙන්ම විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයන්, පාරිසරික තිරසරභාවය සහ දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර