බදුල්ල, මඩොල්සිම ප්‍රදේශයේ දී 38 හැවිරිදි පියෙකු සිය නිවසේ මුළුතැන්ගෙයි ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා දරු දෙදෙනෙකුගේ පියෙකු වන සෙල්වරාජ් ගුණනාදන් නමැත්තෙකි.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දීපවාලි උත්සවය වෙනුවෙන් කැවිලි වර්ග සාදා දෙන ලෙස සැමියා සිය බිරිඳගෙන් ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත්, බිරිඳ පවසා ඇත්තේ තමාගේ අසනීප තත්ත්වය හේතුවෙන් පසුව ඒවා සාදා දිය හැකි බවයි.
පසුව සැමියා නිවසින් පිටතට ගොස් මත්පැන් පානය කර නැවත නිවසට පැමිණ ඇති බව බිරිඳ පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වේ. පසුදින උදෑසන ඔහු මුළුතැන්ගෙයි ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර