Browsing: කළුතර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ ජන රැලි මාලාවේ පළමු රැලි දෙක හෙට බේරුවල සහ බුලත්සිංහලදී පැවැත්වේ.

කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකෙරෙන සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබිණි.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කරමින් නව කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී මහජන දින වැඩසටහනක් පැවැත්විණි.

වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක ඉඩමක තිබූ විදුලි වැටකට හසුව සුනඛයින් සිව්දෙනෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි 77 හැවිරිදි කාන්තාවක් ඇතුළු පිරිසකට අධිකරණයෙන් දඬුවම් නියම කෙරේ.

කොළඹ මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල හටගත් නොසන්සුන්තාවන් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.