Browsing: දිස්ත්‍රික්

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ පහකගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කළුගඟ ජල ව්‍යාපෘතිය නියමිත කාලයට නිම කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මගින් විකුණා රුපියල් කෝටියක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු සහයෝගීතාව ශක්තිමත් කරමින් නව ගිවිසුම් දෙකකට බැංකොක් නුවරදී අත්සන් තබා තිබේ.

තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000කට නීත්‍යානුකූලව රැකියා අවස්ථා ලබා දීමට දෙරට අතර ගිවිසුම් අත්සන් කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව, වසරේ මුල් මාස හත තුළ රජයේ ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වී අයවැය පරතරය රුපියල් බිලියන 109.7 දක්වා පහත වැටී ඇත.

දිවයිනේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (14) සිට ක්‍රියාත්මක වේ.

ඇපල් සමාගම සිය ඉතිහාසයේ පළමු නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය වන ‘iPhone Duo’ නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

දේශීය කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කරමින් ගෘහස්ථ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට සහ ගොවි පවුල්වල ආදායම් මාර්ග පුළුල් කිරීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) විසින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.