Browsing: ලංකා ව්‍යාපාර

ප්‍රකට ඇමෙරිකානු ගායක ජෙෆ් ටිමන්ස් සිය ඉදිරි ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එම ප්‍රසංගයෙන් ලැබෙන ආදායම මානසික ආබාධ සහිත දරුවන්ගේ ප්‍රතිකාර සඳහා පරිත්‍යාග කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිග් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කළ බම්බලපිටිය දුම්රිය ස්ථානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

37 වන සරසවිය සිනමා සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය කරන බව පෙන්වමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 80කට අධික මුදලක් විදේශ රටවලට යැවීමේ චෝදනා මත මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ අපරාධ රැසකට චෝදනා ලැබ සිටි පාතාල නායක ‘කොණ්ඩ රංජි’ ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

රන් ආලේපිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර ගොනු කර තිබේ.

තේ, රබර් සහ පොල් පාලන මණ්ඩල පනත උල්ලංඝනය කරමින් ඉඩම් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.