Browsing: ලංකා ව්‍යාපාර

කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවේ ‘උදයගිරි’ නෞකාවේ පැවති විශේෂ පිළිගැනීමේ උත්සවයකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී විය.

දිවයිනේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (14) සිට ක්‍රියාත්මක වේ.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන මූල්‍ය විමර්ශනවලදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීම ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් තාවකාලිකව කල් දමා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 111 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 2000ක කුලියකට මාදිවෙල නිවාස ලබා දී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කොළඹ මැරතන් 2026 තරගාවලිය පැවැත්වීම හේතුවෙන් හෙට (13) පෙරවරු 6 සිට 10 දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනය සඳහා ‘Life Cities’ වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ උපාධි ප්‍රදානෝත්සවයේදී රන් පදක්කම් 16ක් දිනාගනිමින් වෛද්‍ය හසිනි රංගිකා ඈපා ආරච්චි සුවිශේෂී වාර්තාවක් පිහිටුවා තිබේ.

දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.