Browsing: ලංකා ව්‍යාපාර

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් යෝජනා කැඳවීමට පියවර ගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය පිරිසගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබේ.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක ‘සිහින ගමනාන්තය’ වැඩසටහන යටතේ නවීකරණය කෙරුණු නාරාහේන්පිට දුම්රිය ස්ථානය යළි ජනතා පරිහරණයට විවෘත කෙරිණි.

මාලඹේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයකින් සොයාගත් ස්ටිකර් ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් එන්නත් සහ වොල්බැකියා බැක්ටීරියා ක්‍රමවේදය මෙරට භාවිත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

රට තුළ පවතින අස්ථාවර තත්ත්වය හමුවේ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කර තිබේ.

එල්නීනෝ සහ ලානීනා වැනි දේශගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂඥයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

චීනයේ නිංබෝ නගරය සහ කොළඹ වරාය නගරය අතර පවතින සංස්කෘතික හා ජනතා සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පැවැත්විණි.