Browsing: ලංකා ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය දේපළ කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව නිල වෙබ් අඩවිය එළිදැක්විණි.

කොළඹ නගරයේ පවතින කසළ බැහැර කිරීමේ ගැටලු සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ‘ඇසිදිසි’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර ඇති නඩුවේ චෝදනා සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.

කොළඹ නගරයේ ගස්වැල් ආරක්ෂා කරගැනීම සඳහා නීති විරෝධී ලෙස ගස් කපන සමාගම්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන්ගේ නඩුව අද පස්වරු 2 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පොසොන් උත්සවය සැමරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සතියක් පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ආරක්ෂක ලේකම්වරයා අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.