Browsing: ලංකා ව්‍යාපාර

සෑම පුරවැසියෙකුටම තම මව් භාෂාවෙන් රාජ්‍ය සේවාවන් ලබාගැනීමේ අයිතිය තහවුරු කරමින්, විවිධත්වය ශක්තියක් කරගත් රටක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය සේවා සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බොරලැස්ගමුව නගර සභාව සංවිධානය කළ “අනුබුදු වන්දනා” පොසොන් කලාපය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට සහාය දැක්වීමක් ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මට්ටක්කුලිය ෆර්ගියුසන් පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ ජනතාවට සමීප කිරීමේ අරමුණින් රජයේ කාර්යාලවල භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම අන්තර්ජාලයට මුදාහැර තිබේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 90 වැනි සංවත්සරය ජූලි 3 වැනිදා සමරයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

2008 වසරේදී අනුරාධපුරයේදී සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව විත්තිකරුවකුට පැනවූ ජීවිතාන්ත සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි සංවර්ධන ඉලක්ක පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.