Browsing: ශ්‍රී ලංකාව

ඉරානය සහ අමෙරිකාව අතර ඇතිවූ මූලික එකඟතාවය හේතුවෙන් ලෝක බොර තෙල් මිල පසුගිය මාස තුනක අවම අගයට පහත වැටී තිබේ. කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල්වල මිල ගණන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

පවතින ඉන්ධන කෝටාව ලීටර් 36ක් දක්වා වැඩි කරන ලෙස රියදුරන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් ඉහළ යාම සහ විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල වර්ධනයක් වාර්තා වීමත් සමඟ රටේ ආර්ථික දර්ශකවල යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

චීනයේ යුනාන් පළාතේ පිහිටි ලෝක උරුම චෙංජියැං ෆොසිල කෞතුකාගාරය වෙත ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් සංචාරයක නිරත විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

අනාගත පරපුර දුම්කොළ සහ මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීම සඳහා ස්වයං විනය සහ සමාජීය විනය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

දිට්වා ආපදාවෙන් හානි වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම සඳහා නව තාක්ෂණ නිලධාරීන් 125 දෙනෙකු බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇත.