අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් රාජ්‍ය සේවයට අනුයුක්තව සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ජාතික පාසල් වෙත ස්ථාන මාරු කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇත.

මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාවලියට අදාළව අයදුම්පත් භාරගැනීම සහ ඒ පිළිබඳ උපදෙස් මාලාවන් මේ වන විට අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර තිබේ.

එම නිලධාරීන්ට අදාළ පුරප්පාඩු ලැයිස්තුව සහ අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවන් අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමේ පහසුකම සලසා ඇත.

අදාළ ස්ථාන මාරුවීම් සඳහා සුදුසුකම් ලත් විදුහල්පතිවරුන් නියමිත උපදෙස් පරිදි සිය අයදුම්පත් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version